Saturday, December 28, 2024

General line - 0115112241

ප්‍රියා සූරියසේන මහතාට ජනපති අවසන් ගෞරව දක්වයි.




අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වුවා. 

අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. 

එම ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රියා සූරියසේන මහතා වෙත සිය අවසන් ගෞරව දක්වා ඔහු වෙනුවෙන් විශේෂ සටහනක්ද තබනු ලැබුවා. 

කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්ද ප්‍රියා සූරියසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. අභාවප්‍රාප්ත ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.