Thursday, December 26, 2024

General line - 0115112241

පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් එක්කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකුණන්න ගිය යකැදුරා මාට්ටු




ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජු විසින් සම්බුද්ධ සාශනයට පූජාකරන ලද පස් ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට විදේශීකයෙකුට අලෙවි කිරීමට යාමේදී යකැදුරෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කුරුවිට, දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු බලි තොවිල් තොල් ශාන්තිකර්ම සහ වෙනත් ප්‍රතිකාර සිදුකරන අයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව රන්, රිදී, පිත්තල තඹ, සුදු යකඩ ලෝහයන්ගෙන් නිර්මාණය කර ඇති බවත්, අඩි තුනයි අඟලක  උසකින්  සහ අඩි දෙකයි අඟල් හයක පළලකින් යුක්ත බුද්ධ ප්‍රතිමාව  කිලෝ ග්‍රෑම් 48 ක් බරින් යුක්ත බවයි පොලීසිය ස්සන්දහන් කර සිටියේ.

විශේෂ පුරාවිද්‍යාව වටිනාකමක් ඇති මෙම බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.