Friday, December 27, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජය සත්කාරක අමෙරිකානු කණ්ඩායමට




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කැනඩා කණ්ඩායම සමඟ පැවැති පළමු තරඟයෙන් කඩුලු 07ක පහසු ජයක් හිමිකර ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා කැනඩා කණ්ඩායමට ආරාධනා කළා.    

ඒ අනුව කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 194ක් ලබා ගනිමින් සත්කාරක අමෙරිකානු කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් ලබා දුන්නා.

එහිදී කැනඩා කණ්ඩායම වෙනුවෙන් නව්නීට් ධලිවාල් ලකුණු 61ක් සහ නිකලස් කීර්ටන් ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සත්කාරක අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

අමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉලක්කයක් දියත් කළ අරෝන් ජෝන්ස් පන්දු 40ක් තුළදී හතරේ පහරවල් 04ක් සහ හයේ පහරවල් 10ක් සමඟින් ලකුණු 94ක් ලබාගත්තා.

ලෝක කුසලාන තරඟාවලියේ දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව් ගීනියා අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.