Friday, December 27, 2024

General line - 0115112241

දුර්වල පිතිකරණය හේතුවෙන් ලෝක කුසලාන පළමු තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 06ක පරාජයක්




දුර්වල පිතිකරණය හේතුවෙන් 2024 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගි වූ පළමු තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 06ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 77ක් පමණයි.

කුසල් මෙන්ඩිස් පන්දු 30කදී ලකුණු 19ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 16කදී ලකුණු 16ක් රැස් කළා.

කමිඳු මෙන්ඩිස් පන්දු 15කදී ලකුණු 11යි. සෙසු කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ඇන්රික් නොර්කියා ලකුණු 07කට කඩුලු 04ක් දවා ගත්තා. 

ලකුණු 78ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පහසුවෙන් එම ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට පන්දුවාර 16යි පන්දු 02ක් වැය වුණා. 

ඒ අනුව කඩුලු 04ක් දැවී ලකුණු 80ක් රැස් කර ගනිමින් දකුණු අප්‍රිකානුවන් එම තරඟයේ  ජය වාර්තා කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 22කට කඩුලු 02යි. නුවන් තුෂාර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.