අම්පාර සද්ධාතිස්ස විදුහල අසළ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (04) අලුයම 4.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. අම්පාර පොලිසිය ප්රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට උත්සහ දරා තිබෙනවා.
කෙසේවෙතත් වාහන දෙකම ගිනිගෙන අවසන් වනතුරුම අම්පාර නගර සභා ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.