Tuesday, December 24, 2024

General line - 0115112241

අවසන් සටනට ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුව පිත්ත අතට ගනී




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතරයි. 

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර්  සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කාන්තා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම ද මෙම අවසන් තරගයට පිවිසෙන්නේ පැවැති තරග සියල්ලම ජය ගනිමින් අපරාජිත කණ්ඩායම් ලෙසයි.

2022 වර්ෂයේ ද ආසියානු කුසලාන අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම තරග වැදුණු අතර එම තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ පළමු වරට ආසියානු කුසලානයක් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන්.