ගංජා කිලෝ 05යි ග්‍රෑම් 542ක් සන්තකව සිටි සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවතේ සිදුකල වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි කොටහේන ප්‍රදේශ පදිංචිකාරිනියක්.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් අනූ දහස් පන්සීයක මුදලක් ද සැකකාර කාන්තාව සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.