පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති ආර්යාවන්ට ලබාදී ඇති වරප්‍රසාද පොරොන්දු වූ පරිදි ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
ඒ සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ඒ සඳහා කඩිනමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.