ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගත් බවත් පක්ෂය ගත් වැරැදි තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් නිවැරැදි කරනු ඈතයි තමා විශ්වාස කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ පවසනවා
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මේ බව පවසා සිටියේ එක්ව ජයගමු යන තේමාව යටතේ බම්බලපිටිය ලොරිස් මාවතේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්
මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගෙන තිබෙනවා .
පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් තීරණයක්.
මේ රටේ අනාගතයේදී 2022 දී ඇති වූ ආර්ථික අර්බුදයට හා කලහාකාරී තත්ත්වයට ගමන් කරනවාද? නැත්තම් මේ වසර දෙක තුළ ඇති කර ගත්තා වූ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යනවාද කියලා තීන්දු කරන මැතිවරණයක් මේක.
මේ මැතිවරණයේදී සියළු දේශපාලන පක්ෂ වගකීමෙන් කටයුතු කළ යුතුයි.
සියළු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සුදානම් කියලා අපිට පේන්න තියෙනවා.
වසර දෙකකට පෙර තිබුණ තත්ත්වය දෙස බලද්දි අද තත්ත්වය විශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා.
නමුත් අපිට මෙතැනින් නතර වෙන්න බෑ.
ඉතිහාසය දෙස බලද්දි මේ රට ආර්ථික කඩා වැටීම් වලට ලක්ව තිබුණ නමුත් මේ වගේ කඩා වැටීමකට ලක් වෙලා නෑ. ස්ථාවරත්වය ගන්න හදපු සෑම අවසථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත අස්ථාවරත්වය පත්වන තීන්දු වෙත ගමන් කර තිබෙනවා.
එවැනි තත්ත්වයට පොදුජන පෙරමුණ පත්වීම ඉතා කණගාටුදායකයි.
රටේ ස්ථාවරත්වයට සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලොකු වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙනවා.
පොදුජන පෙරමුණේ සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අද අපේ රට අර්බුදයකට ගියේ.
ඒ අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් යටතේ ඇති වූ අර්බුදයක්.
ඒ වෙලාවේ වගකීම භාර ගන්න පුළුවන් සුදුසම කෙනා විදියට පත් වුනේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
අර්බුදයට රට ගමන් කරද්දි හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදුජන පෙරමුණට හොඳ නැති වුනේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.
මේ රටේ ආර්ථිකය ගෙඩ නැගීමත් එක්ක පොදුජන පෙරමුණේ සීමිත පිරිසකට බල කෑදරකමක් ඇතිවුණා.
රට දැඩි අනාරක්ෂිත අවස්ථාවක කවුරුත් නොමැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තා.
මේ තීන්දුව ගත්ත කීප දෙනා හදපු පක්ෂයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත් මේ වැරැදි තීන්දුව නිවැරැදි කරයි කියලා මම විශ්වාස කරනවා.
අපි කණ්ඩායම මේ තීන්දුව ගත්තේ මේ රටේ අනාගත අවධානම පිළිබඳව අවධානය යොමු කරලයි. ඒ සඳහා සුදුසුම නායකයා තෝර ගන්න නැවත කඩා නොවැටෙන රටක් ස්ථාපිත කරන්න අපිට වගකීමක් තිබෙනවා.
ඒ නිසයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නේ. පොදුජන පෙරමුණේ හැටියට දැනට පාර්ලිමේන්තුවේ සිටින අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ඵල කරනවා.
මේ රට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් දක්ෂතාවය හැකියාව තිබෙන නායකයෙක් එක්ක ඉදිරියට ගෙනයාම තමයි අපි සියළු දෙනාගේ අරමුණ. අපිට නැවත අර්බුදයකට යන්න බෑ.
2022 අරගලය තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිති පිරිසක්.
ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා. රටේ ප්රජාතන්ත්රවාදය නැති වුණා.
රට පිළිබඳව බලාපොරොත්තුවක් නැතිවුණා.
මේ චක්‍රය නැවත ක්‍රියාත්මක කරන්නද පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේ.
තමන්ගේ ප්‍රාදේශීය නායකයින් අනාරක්ෂිත කරලා අපේ අපේ පාක්ෂිකයා අනාරක්ෂිත කිරීමේ වැඩපිළිවලකට තමයි පොදුජන පෙරමුණේ මේ සීමිති පිරිස කටයුතු කරන්නේ.
පාක්ෂිකයාගේ මතයට ඇහුම්කන් දෙන්න සුදානම් වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කරනවා. නැතිනම් ඔබට ඉතිරි වන්නේ තීන්දුව ගන්න කටයුතු කළ කීප දෙනා පමණයි. තමන්ට අවශ්‍ය අයට පමණක් ඇහුම්කන් දී තීන්දු ගැනීම ප්රජාතන්ත්රවාදයට පයින් ගැසීමක්.
මේ රට ස්ථාවරයි අද. මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම මේ රට අස්ථාවර කිරීමට හේතුවක් වෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන ස්ථාවරත්වය මේ රට ගොඩනැගිලා තිබෙනවා.
නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් පරිසරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්මාණය කර තිබෙනවා. අපි සියළු දෙනා මේ තීන්දුව ගන්නේ හෘද සාක්කියට එකඟවයි.
ඉතිහාසයේ යම් යම් කණ්ඩායම් තීන්දු ගන්නා විට ඒ තීන්දු වෙනස් කරන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ තීන්දු වෙනස් කිරීමට නොහැකි වූ අවස්ථාවේ රටට වූ ඉරණම සියළු දෙනා දුටුවා.
අපි අලුත් ආර්ථිකයක් අලුත් රටක් හැදුවේ පෙර වැරැදි නැවත සිදු නොවන රටක් බවට පත් කිරීමටයි.
ආර්ථිකය පළමු කාර්තුවේ සියයට පහයි දශම එකක වර්ධනයකට ගෙනල්ලා තිබෙනවා.
එතැනින් එහාට ආර්ථිකය පුළුල් කරලා සෑම කෙනෙකුටම තමන්ට කැමැති ආකාරයටකට ආර්ථික ශක්තියක් නිර්මාණය කරන්න කටයුතු කරනවා.”