Tuesday, December 24, 2024

General line - 0115112241

පොලීසිය මහජන සහය පතයි- මොහු පිලිබඳ තොරතුරක් දන්නේනම් කඩිනමින් දැනුම් දෙන්න

මිනුවන්ගොඩ දමිත් තිසර




මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අද (18) එම රථයේ තිබූ රුපියල් කෝටි 7 1/2ක් සොරකම් කර එම රථයෙන්ම පළා ගොස් තිබෙනවා 

අදාළ වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටියදී සොයාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

අද දින උදෑසන කාලයේදී  මෙම පුද්ගලයා  මුදල් රැගෙන යමින් සිටි වාහනයේ ආරක්ෂකයින් බැස ගිය අවස්ථාවේ එම වාහනය තුල තිබූ රුපියල් කෝටි 07 ½ ක පමණ මුදලක් සොරකම් කර ගෙන එම වාහනයෙන් පලා ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ.

ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් වේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

01.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - ගම්පහ - 0718591608
02.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - ගම්පහ දිස්ත්‍රික් (I) - 0718591610