Tuesday, November 19, 2024

General line - 0115112241

බදුල්ලේ කෝටිපතියන් රවටා කෝටි ගණන් මුදල් වංචාකළ දෙමස්සිනෝ අත්අඩංගුවට




බදුල්ල බදුළුපිටියේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනෙක්  රවටා රුපියල් තුන්කෝටි අනූහතරක ලක්ෂයක වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් බදුල්ලේදී සහ මීතොටමුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ආනයකරන ලක්ෂ ගණන් වටිනා අත්ඔරලෝසු , සුවද විළවුන් , රූප ලාවන්‍ය ආලේපන හා ත්‍රිරෝද රථ අමතර කොටස් ව්‍යාපාර සඳහා හවුල් කරගන්නා මුවාවෙන් මෙම වංචා සිදුකර ඇති බවයි බදුල්ල‍ පොලිස් කොට්ඨාශය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසන්නේ.

මෙම ව්‍යාපාරිකයන් ගෙන් හවුල්කාර කොටස් සදහා පොලියක්ද ලබාදෙන  බවට පොරොන්දුවී මේ  ජාවාරම කරගෙන ගොස් ඇති බවත් සැකකරුවන් නෑකමට දෙමස්සිනෝ බව ද  විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

නීතිඥයෙකු හමුවේ දුන් ලිඛිත පොරොන්දුවකට අනුව මුලදී  පොලිය සමග මුදල් ලබාදී ඇති බවත් මෙසේ විශ්වාසය දිනාගැනීමෙන් පසු  වැඩි වැඩියෙන් මුදල් ලබාගෙන අවසානයේ කෝටි  ගනණක මුදල වංචාකර වසැදැමූ බංකු ගිණුමකින්  චෙක්පත්  ලබාදී ඇති බවත්  රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක්, එක්කෝටි තිස්අට ලක්ෂයක් සහ  එක්කෝටි හය ලක්ෂයක් වශයෙන් පැමිණිලිකාර ව්‍යාපාරිකයන් තිදෙනාගෙන් මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර  ඇති බවද  විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා 

මෙම පුද්ගලයන් විසින් ලබාදී ඇත්තේ වසාදැමූ බැංකු ගිණුමකට අදාල චෙක්පත් බව දැනගැනීමෙන් පසු වංචාවට හසුවූ කෝටි පති ව්‍යාපාරිකයන් තිදෙනා පොලිසියට පැමිණිලිකර ඇති බවත් බදුල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මෙසේ කෝටි ගනණක   මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් වෙත චෙක්පත් හෝ වෙනත් ලියවිල්ලක් ලබානොදීම නිසා පොලිසිට පැමිණිකිරිමට නොහැකි වී ඇතැයිද  බදුල්ල  පොලිසිය පවසා සිටියේ 

 බදුල්ල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.