ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව මෙහිදී රැස් වී තීරණයක් ගන්නා බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉකුත් දා පැවසුවේ තමන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.