ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා විසින් ලෙබනයේ අගනුවර වන බීරූට්හී දකුණු තදාසන්න ප්‍රදේශයකට එල්ල කල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානී අණදෙන නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ලෙබනනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඩාහියෙහි වෙත එල්ල වූ එම ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ බලකොටුවක් ලෙස බේරූට් ප්‍රදේශය හැදින්වෙන අතර හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨතම හමුදාපතිවරයා වූ ප්‍රධානී ෆුවාඩ් ෂුකර් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදුකළ බවයි ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ.
තවද ගාසා යුද්ධය ආරම්භයේ සිටම ශුක්ර් ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාර මෙහෙයවූ බවද ඊශ්‍රායල හමුදාව එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
පසුගියදා ඊශ්‍රායයේ පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ පාපන්දු පිටියට එල්ල කල රොකට් ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනය කර තිබු අතර එහි වගකීම හිස්බුල්ලා සංවිධානය භාරගත යුතු බවයි ඊශ්‍රායල පවසා තිබුනේ .
මෙමප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල දැඩි පියවර ගන්නා බවද පවසා තිබුනා
කෙසේ වෙතත් ඊශ්‍රායයේ පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ පාපන්දු පිටියට එල්ල කල රොකට් ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෙබනනයේ විදේශ අමාත්‍ය Abdallah Bou Habib පැවසුවේ තම රජය ඊශ්‍රායල ප්‍රහාරය හෙළා දකින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් ගොනු කිරීමට සැලසුම් කර ඇති බවයි.