ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑමෙන් මේ වන විට පුද්ගලයින් 151 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
කේරළ ප්‍රාන්තයේ වයනාද් දිස්ත්‍රික්කයේ ඇතිවූ මෙම නායයෑම්වලින් පුද්ගලයන් 1,000 කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අනතුරට පත් පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පවා දැඩි බාධා එල්ල වී ඇති අතර හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් සෝදිසි මෙහෙයුම් සඳහා මේ වනවිට යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මෙහෙයුම්වලට පවතින දැඩි බාධා හේතුවෙන් ඇතිවන ප්‍රමාදය නිසා මියගිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.