ඉන්දියාව සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරඟ තුනෙන්ම අන්ත පරාජයකට පත්වූ ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ප්‍රේක්ෂකයින් දැඩි විරෝධයක් පල කර තිබෙනවා.
ඊයේ තරඟය අවසන් වීමෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගනයෙන් පිටව යෑමට සිදුව ඇත්තේද දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.
ඒ අනුව ක්‍රීඩකයන් නැවත හෝටලය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථයට ද දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටයි සිදුව ඇත්තේ.
කෙසේවෙතත් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ. ඒ, තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි.
කොතරම් පුහුණුවීම් සිදු කළද ඒවා නිසි ලෙස ක්‍රීඩා පිටියේදී උපයෝගී කර නොගන්නේ ඇයි?
මේ අතර ශ්‍රී ලංකා ඉන්දියා එක්දින ක්‍රිකට් තරඟාවලිය අනිද්දා ආරම්භ වනවා.