Tuesday, November 19, 2024

General line - 0115112241

විජයදාස හා බැසිල්  අතර සාකච්ඡාවක් 




ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වනවා. 

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීම සම්බන්ධයෙන් එහිදී කැමැත්ත පළ කර ඇති බවටයි. 

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට වාර්තා වනවා. 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ද පැමිණ සිටිනු දැකගත හැකි වුණා. 

මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න. 

ඔහුට අමතරව අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායකද එම සාකච්ඡාවට එක්ව සිටියා.