අධික වර්ෂාපතනයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින උතුරු කොරියාවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා
මේ බව පවසා ඩිමීර් පුටින් විසින් රුසියානු තානාපති කාර්යාලය හරහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත
පණිවිඩයක් යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පිළිතුරු යවා ඇති අතර එහි සදහන් කර ඇත්තේ මෙම යෝජනාවට ස්තූතිවන්ත වන බවත් ප්‍රතිසාධන කටයුතු සිදු කිරීමට තම රජය දැනටමත් පියවර ගෙන ඇති බැවින් “ආධාර අවශ්‍ය නම්” උදව් ඉල්ලා සිටින බවයි.
අධික වර්ෂාපතනයක් සමඟ උතුරු කොරියාවේ වයඹ දිග ප්‍රදේශවල නිවාස 4,000 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවූ අතර පුද්ගලයින් 5,000 ක් පමණ අවතැන් වී සිටින බවටයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියේ..
තවද කෘෂිකාර්මික ක්ෂේත්‍ර අක්කර 7,410 ක් සහ තවත් බොහෝ පොදු ගොඩනැගිලි, මාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යට විය.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පෞද්ගලිකව විපතට පත් ප්‍රදේශ පරීක්ෂා කළ අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය කර අවතැන් වුවන්ට අවශ්‍ය සහන සලසා දී තිබුනා.
මේ අතර ගංවතුර හානි සඳහා සහන සැපයීම සඳහා දකුණු කොරියාව විසින් පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර නිරීක්ෂකයින් පවසන්නේ දෙරට අතර සතුරුකම් පවතින බැවින් උතුරු කොරියාව දකුණු කොරියානු යෝජනාව නොසලකා හැරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බවයි..