මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට අද එකඟතාවය පළකර තිබෙනවා
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් හමුවීමේ වැඩ සටහනකදී අදාළ පිරිස එකඟවී තිබෙන්නේ.
වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාව හා උතුරු නැගෙනහිර නියෝජනය කරන සිංහල දමිළ හා මුස්ලිම් පිරිස මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට එකඟ වූ බවයි .
පක්ෂ පාට භේද වලින් තොරව සියලු දෙනා ඒකරාශී කරගෙන ජනාධිපතිවරයා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම මෙහිදී සඳහන් කළා.