Tuesday, November 19, 2024

General line - 0115112241

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට කප් සිටුවයි

හේරත් ඒකනායක




මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය අද ආරම්භ වුණා.

ඒ අද අලුයම 04යි 10ට යෙදුණු සුබ මොහොතින් නාත, විශ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි පැවති කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුවයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා මේ වනවිට එහි රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සමඟින්. 


අද දිනයේ සිට දින 05ක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වා පළමු කුඹල් පෙරහැර ලබන 10 වන දින වීදි සංචාරය කිරීමට නියමිත අතර රන්දෝලි පෙරහැර ලබන 15 වන දින වීදි සංචාරය ආරම්භ කරන බවයි ශ්‍රී දළදා මලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර පැවසුවේ. 

මේ අතර පල්ලේබැද්ද ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසල මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ද අද සිදු වනවා.

ඒ, පෙරවරු 11යි 05ට යෙදෙන සුබ මොහොතින් බවයි සංඛපාල රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමියන් පැවසුවේ.