අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ආදාහන කටයුතු අවසන් වන තෙක් අද දිනයේ එම ප්‍රදේශය ආශ්‍රිත විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.
ඒ, පස්වරු 02 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළයි.
ඒ අනුව ධර්මපාල මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දියෙන් ජේම්ස් පීරිස් මාවත දෙසට ඇතුල් වීම, ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට ඇතුල් වීම සීමා කරන බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර ආදාහන ජූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ රථ වාහන නැවැත්වීමට අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම ගංගාරාම විහාරස්ථානයට ඇතුල් වන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුල් විය යුතු වනවා.
ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුල් වීම වාසා තබනු ලබන බවත් ජිනරතන මාවතේ රථ වාහන ගමනා ගමනය එක් දිශාවකට පමණක් සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.