ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව දිනෙන් දින තවදුරටත් උණුසුම් වනවා.
ජනතාව වෙනුවෙන් තමන් විසින් ආරම්භ කර ඇති වැඩසටහන් නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවයි නුවරඑළියේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ.
පවතින දේශපාලන ක්‍රමය වෙනස් කර වෘත්තීමය දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.
කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
කෙසේවෙතත් පැවති තත්ත්වයෙන් රට ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිදු දේශපාලඥයෙක් ඉදිරිපත් නොවූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියා.
ජාති ආගම් භේදයකින් තොරව මෙරට බහුතර ජනතාවක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට මේ වනවිටත් එක්ව ඇති බවයි වන්නි ප්‍රදේශයේ පැවති හමුවකදී ඔහු කියා සිටියේ.