සන්ධානයකින් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන බවත් සාගරකාරියවසම් නිකම් ලේකම්වරයෙක් මෙන්ම කිසිදු ජන බලයක් නොමැති බව සමාජ සවිපළ ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය ඇතිව නව සන්ධානයකින් ඉදිරියේදී මැතිවරණයට මුහුණ දෙන බවත් ඔහු පවසා සිටියා.
සමාජ සවි බල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මෙම අදහස් ප්‍රකාශ කළේ අද උදෑසන මතුගම දී පැවති මාධ්‍ය හමුවකදී
රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මාධ්‍ය හමුවේදී පවසා සිටියේ මෙවැන්නක්
" අපි නව සන්ධානයකින් ඉදිරි මැතිවරණයට මුහුණ දෙනවා.සාගරකාරියවසම් කියන්නේ මේ නිකම්ම නිකම් ලේකම්වරයෙක්. එයාට කිසිදු ජන බලයක් නැහැ.
අපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය ඇතිව නව සන්ධානයකින් ඉදිරියේදී මැතිවරණයට මුහුණ දෙනවා.
මහින්ද රාජපක්ෂ කියන්නේ අපි පරමාදර්ශී නායකයා නමුත් එතුමා අපිට පේනවා එක එක අයගේ හිරකාරයෙක් බවට පත්වෙලා.
මේ රටේ ජනතාවගේ සිහින සැබෑ කරගන්න අපි නව සන්ධානයක් අනුව ඉදිරියේ මැතිවරණයට මුහුණ දීලා ශක්තිමත් කරන ඉදිරි වැඩි පිළිවෙලක් ඇතුව ඉදිරි ගමනක් යනවා.
සාගර කාරීවසම් කියන්නේ ගිරා පෝතකයෙක් වගේ කෙනෙක් ඔහු හැමෝම කිව්වහම ලියුමක් ගහනවා.
ඕක තමයි එයාට කරන්න පුළුවන් විනය පරීක්ෂණ කියලා කියන්නේ අපි බය ඇති දේවල් නෙවෙයි.
අද අපේ ගෙවල් ගිනි තිබ්බට ඒක හොඳයි කියන තත්වෙට නාමල් රාජපක්ෂල පත්වෙලා."