පක්ෂයක් යනු බෝඩ් ලෑල්ලක් පමණක් නොවන බවත් , ජනතාව රැඳීසිටින තැන ශ්‍රීලනි පක්ෂයත් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද උදෑසන රුවන්වැල්ල නගරයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව සඳහන් කර සිටියා.
මේ මොහොතේ රටේ සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිලිබඳව පොදු මතයක් ඇති බවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය දරණ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු ප්‍රභල කණ්ඩායම ජනාධිපතිවරයාට උදව් කිරීමට කටයුතු කරන බවයි සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ
එමෙන්ම අත ලකුණ යටතේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාද ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.
ශ්‍රීලනි පක්ෂය යනු සැමවිටම සත්‍යත් සමඟ ප්‍රායෝගික තත්ත්වයත් සමඟ හිට ගත් පක්ෂයක් බවත් ඒ නිසා පක්ෂයට කිසි දිනෙක එම ජාතික වගකීමෙන් මිදිය නොහැකි බවද සඳහන් කළ අමාත්‍යවරයා ජාතික යුතුකමක් වගකීමක් ඉටු කරන මොහොතක මෙම මතයත් සමඟ ශ්‍රීලනි පක්ෂය එකට එක් වන ප්‍රධාන සාධකය බවට ඉදිරි ජනාධිපතිවරණය පත් වෙනු ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේ.