බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
විරෝධතා උත්සන්න වී මත් සමග විරෝධතාකරුවන් ඩකාහි පිහිටි ඇගේ නිල නිවසට කඩා වැදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතාකරුවන් නිල නිවසට ඇතුල් වීමට පෙර ඇය ආරක්ෂිත ස්ථානයක් කරා පිටත්ව ගිය බවයි.
බංග්ලාදේශයේ පවතින විරෝධතා හේතුවෙන් ඇය අද ජාතිය ඇමතීමට සිටිය බවත් ඒ සඳහා අවස්ථාවක් නොලැබූ බවත් බංගලාදේශයේ හමුදා ප්‍රධානී Waker-Uz-Zaman අද පස්වරුවේ ජාතිය අමතනු ඇති බව හමුදා ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
මේ වන විට 300කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ඊයේ කටයුතු කර තිබු අතර අන්තර්ජාල සේවාද අවහිර කර තිබුනා