Tuesday, November 19, 2024

General line - 0115112241

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනාට එරෙහි පෙත්සමක් නිශ්ප්‍රභ කෙරේ

උදය කුමාර




අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව අදාල පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කළා.

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.