බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, එරට හටගෙන ඇති විරෝධතා හමුවේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇය ඩකා අගනුවර සිට සිය සහෝදරිය සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාව වෙත ළඟා වී ඇති බව ද වාර්තා වනවා.
සිවිල් සේවා රැකියාවල කෝටාව අහෝසි කරන ලෙස බල කරමින් එරට සිසුන් පසුගිය මාසයේ සාමකාමී විරෝධතාවක් ආරම්භ කළා.
එහෙත් ඊට එරට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් විරෝධතා ව්‍යාපාරය තිව්‍ර කිරීමට එරට තරුණ තරුණියන් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අගමැති ෂෙයික් හසීනාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට ද විරෝධතාකරුවන් බල කර සිටියා.
ඒ අනුව විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇතැම් විරෝධතාකරුවන් ඩකාහි පිහිටි අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ නිල නිවසට ද කඩාවැදී තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කර බව එරට හමුදාපති ජෙනරාල් වෙකර් උස් - සමාන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.