Tuesday, November 19, 2024

General line - 0115112241

ඩයනා ගමගේට එරෙහිව ගොනුකල පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර




අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට  තීන්දු කළා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති බවත් එබැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඉකුත් මැයි මස 09 වනදා ඇය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුකොට ඇතැයි චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම විසින් මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර තිබුණා. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.