Tuesday, November 19, 2024

General line - 0115112241

ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාගේ වෘත්තීය ගරුත්වයත් අභිමානයත් ආරක්ෂා කරන බව අනුර කියයි




කිසිවෙකුටත් යටත් නොවී නිදහස්, නිවහල්, අභිමානවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව මෙලෙස සියලු පුරවැසියන්ට ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි නුවරඑළියේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.


ත්‍රිවිධ හමුදාවේ රාජකාරි සිදුකල සියලු දෙනාගේ වෘත්තීය ගරුත්වයත් අභිමානයත් ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව වෘත්තීමය හමුදාවක් බවට පත් කරන බවයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


අනාගත දරු පරපුර වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති ධූරයට පත්කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

එය ජනතාව ද මේ වනවිට පිළිගෙන ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.   


සිය ජයග්‍රහණය වෙනුවෙන් ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට මේ වනවිට මුදල් ලබාදෙන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ වැඩිදුරටත් පැවසුවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.