Tuesday, November 19, 2024

General line - 0115112241

ආර්ථික විශ්ලේෂකයින්ගෙන් ජනපති අපේක්ෂකයන්ට දැනුම් දීමක්




මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කිරීමේදී නිසි අධ්‍යයනයකින් අනතුරුව ඉටුකළ හැකි පොරොන්දු පමණක් ඉදිරිපත් කරන්නැයි ආර්ථික විශ්ලේෂයකයින් ජනාධිපතිවරණ අපේක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පැවසුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය මෙතෙක් කාර්යක්ෂම මට්ටමකට පැමිණ නොමැති වීම හරහා බදු කපා හැරීම් පිළිබඳ අවධානය යොමු කිරීම මඟින් අනිසි ප්‍රතිඵල ඇති වීමට වැඩි ඉඩක් පවතින බවයි.


මෙවන් අවස්ථාවක ඒ ඒ පක්ෂවල ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති පිරිසකට වැඩි වගකීමක් පැවරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.