Tuesday, November 19, 2024

General line - 0115112241

 මහින්ද අසරණයි  




ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය හේතුවෙන් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අසරණ වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවට වන ස්ථාවරයක හිටපු ජනාධිපතිවරයා සිටි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

පක්ෂයේ සුළු පිරිසකගේ වුවමනාව මත ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.


ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට සහාය පල කිරීමට එක්වන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.