වන අලි පහරදීම හේතුවෙන් ඉකුත් පැය 24 තුළ පුද්ගල මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.
හම්බන්තොට පොලිස් වසමේ තිස්ස - හම්බන්තොට මාර්ගයේ කොහොලංකර ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එම පුද්ගලයා මාර්ගය හරහා මාරුවෙමින් සිටි වන අලියෙකුගේ ගැටී ඇති බවද පොලිසිය පැවසුවා.
එහිදී වන අලියා පහර දීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මේ අතර මකුල්පොත, පොල්වත්ත යාය ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකල පහර දීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවා.
මියගිය පුද්ගලයා සිය නිවස අසල සිටියදී එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.