රාජ්‍ය සේවයේ පවතින විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රජය විසින් වරින් වර සිදුකරන ලද වැටුප් සංශෝදන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්වල විශ්‍රාම වැටුප් විශමතා නිර්මාණය වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව 2016 ජනවාරි 01 වනදා සිට 2020 ජනවාරි 01 වන දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.
ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් 83 000ට පමණ සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2 500ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විශ්‍රාම වැටුප් සඳහා කළ යුතු ගැලපීම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා සියයට 15ක පොලී අනුපාතයක් ලබාදීම ආදී පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මෙලෙස පිළිතුරු ලබා දුන්නා.