Tuesday, November 19, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්




ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10ක් ලෙස අවුරුදු දෙකක කාලයක් ලබාදීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.