පකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශයක සිටියදී ජර්මානු සංචාරකයෙකුගේ දේපල සහ මුදල් සොරකම් කර තිබෙනවා.
පකිස්තාන මාධ්‍ය පැවසුවේ ජර්මානු ජාතිකයා ප්‍රහාරයට ද ලක්ව ඇති බවයි.
බර්ග් ෆ්ලෝරියන් ගුල්ඩාෂ්ට් නගරය අසල උද්‍යානයක ඔහු සිය කූඩාරමේ නිදා සිටියදී ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඔහුට පහර දී ඔහුගේ ජංගම දුරකථනය, මුදල් සහ පකිස්ථාන මුදලින් රුපියල් 500,000 පමණ වටිනා කැමරාවක් ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බව ARY පුවත් වාර්තා කර තිබෙනවා.
ඔහු ඩයර්බකීර් සිට පාකිස්තානයට පැමිණි 27 හැවිරිදි ජර්මානු පුරවැසියෙක් බව සඳහන්.
මෙම සිදුවීම ලාහෝර් හි උතුරු කැන්ටන්මන්ට් ප්‍රදේශය තුළ සිදුවී ඇති අතර ARY ප්රවෘත්ති වාර්තා කරන පරිදි සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
කොල්ලකෑමේ සිද්ධියෙන් පසු ජර්මානු ජාතිකයා තම පාපැදියෙන් පොලිස් ස්ථානයක් වෙත පැමිණීමට උත්සාහ කළ නමුත් තුවාල හේතුවෙන් ඇද වැටී තිබෙනවා.
අසල සිටි අය වහාම ඔහුව රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දි ඇතැයි සඳහන්.
කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක බළකායට දැනුම් දුන් නමුත් ඔවුන් ඔහුගෙන් මුදල් ඉල්ලා සිටි බවද සංචාරකයා චෝදනා කර තිබෙනවා.