Tuesday, November 19, 2024

General line - 0115112241

පිලිපීනය සහ ජපානය නාවික හමුදා අභ්‍යාසයක




දකුණු චීන මුහුදේ සිය ප්‍රතිවාදීන්ට චීන හිරිහැර කිරීම් මධ්‍යයේ සහ ඔවුන්ගේ ජාත්‍යන්තර ගිවිසුම් බැඳීම් අඛණ්ඩව උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සටන් කිරීමේ අරමුණින්, කලාපයේ රටවල් ඔවුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව පිලිපීනයේ සහ ජපානයේ යුධ නෞකා දෙක බැගින්, පළමු වරට තරඟකාරී දකුණු චීන මුහුදේ ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අභ්‍යාසය කලාපීය සම්පත් බහුල ජලයේ චීනයේ වැඩෙන බලපෑම් මධ්‍යයේ, සමීප ආරක්ෂක සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභ්‍යාසවලට පහසුකම් සැලසීම සඳහා පිලිපීනය සහ ජපානය අතර අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ප්‍රවේශ ගිවිසුම ලෙස හැඳින්වෙන ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමට අනුව සිදුවූවක් බව ද සදහන්.

ඒ අනුව පිලිපීන නාවික හමුදාවේ Jose Rizal නෞකාව අගෝස්තු 2 වන දින ජපානයේ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ Sazanami ප්‍රහාරක නෞකාව සමඟ යාත්‍රා කළ අතර පිලිපීනය ද හිමිකම් කියන දකුණු චීන මුහුදේ ප්‍රදේශවල උපායශීලී උපාමාරු, සන්නිවේදන සහ ඡායාරූප අභ්‍යාසවලට සහභාගී වූ බව පිලිපීනයේ සන්නද්ධ හමුදාව පැවසුවා.

"මෙම ක්‍රියාකාරකම නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක්" යැයි ද පිලිපීනයේ සන්නද්ධ හමුදාව පවසනවා.

පිලිපීන හමුදාව ප්‍රකාශ කළේ ඒකාබද්ධ යාත්‍රා අභ්‍යාසයේදී චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට අයත් Jiangdao-class corvette සහ Jingkai class frigate යන යාත්‍රා දෙකක් සැරිසරන ආකාරය නිරීක්ෂණය කළ බවයි.