වලසෙකුගේ පහර දීමෙන් හා හපා කෑමෙන් බරපතල තුවල ලැබූ පුද්ගලයන් 4 දෙනෙකු පොලොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල. දිය බෙදුම ඇලි කිඹුලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් 3දෙනෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ..
අද උදැසන 9.00 ට පමණ තුවාල ලැබූ කාන්තාව නිවසේ පසු පස දොර ඇර එලියට බැසිමේදි එකවරම එළියේ සිටි වලසා කාන්තවගේ ඇගට පැන හපා කා ඇතිඅතර ඇයගේ කෑ ගැසීමේදී ඇයගේ ස්වාමි පුරුෂයා එළියට පැමිණ තිබෙනවා.
ඇයව බේරාගැනීමට යාමේදී ඔහුද වලසාගේ පහරකෑමට ලක්ව ඇති අතර පසුව අසල නිවසක සිටි පුද්ගලයෙකුද සපා කා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ..
මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව වලසා ඇල්ලීමට පැමිණ තිබෙනවා
වලසා ඇල්ලීමට යාමේදී එයට උදව් කළ තවත් පුද්ගලයෙකුද වලසා සපා කෑමෙන් තුවල ලබා පොලොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ වලසා සපා කෑ එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවත් මේ වන විට ඔහු ශල්‍යකර්මයකට බඳුන් කර ඇති බවයි.