බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පැවති රජයට එරෙහිව විරෝධතා දැක්වූ ශිෂ්‍යයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත් වීමයි.
ඔවුන් මිලිටරි නායකත්වයෙන් යුත් රජයක් පිළිනොගන්නා බව ද මිට පෙර පවසා තිබුණා.
නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කිරීමටද එරට ශිෂ්‍ය විරෝධතාකරුවන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා එන්නේ.
ඒ අනුව එම ආරාධනය මුහම්මද් යුනුස් විසින් පිළිගෙන තිබෙනවා.
අගමැතිනි ෂෙයික් හසීනාගේ ඉල්ලා අස්වීමෙන් පසු පොලිස් ස්ථාන 450 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල වී ඇති අතර විරෝධතා අතරතුර පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.