2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේදී එක් අපේක්ෂකයෙකු ඇප තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් එම පක්ෂයේ නියෝජිතයින් අද දිනයේ ඇප තැන්පත් කළා.
ඒ අනුව දේශපාලන පක්ෂ 11කින් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස 07 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.