බංග්ලාදේශයෙන් පලා ගිය ෂීක් හසීනා ඉන්දියාවේ සිට එක්සත් රාජධානිය බලා යෑමට නියමිත බවට සඳහන්.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය මේ වනතෙක් ඇයට දේශපාලන රැකවරණය ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.
රැකියා කෝටාව සම්බන්ධයෙන් සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතා හේතුවෙන් 76 හැවිරිදි ෂෙයික් හසීනා ඊයේ සවස අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ විය
විරෝධතාකරුවන් ෂෙයික් හසීනාගේ නිල නිවසට කඩා වැදුන අතර ඇය හමුදා ගුවන් යානයකින් ඩකා නගරයෙන් පලා ගොස් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ඉන්දියාවට පැමිණ ඇත්තේ ඇයගේ සොහොයුරිය වන රෙහානා සමඟය.
රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන අතර ඇගේ ලේලිය වන ටියුලිප් සිද්දික් බ්‍රිතාන්‍ය හැම්ප්ස්ටෙඩ් සහ හයිගේට් හි කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
හසීනාගේ දියණිය වන සයිමා වසෙඩ් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය ප්‍රධානියා ලෙස දිල්ලියේ සේවය කරන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඇයට ඉන්දියාව තාවකාලික රැකවරණයක් ලබා දී ඇති බවයි.
එක්සත් රාජධානිය ෂෙයික් හසීනාගේ සරණාගත ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින සබඳතාවට ගැටළුවක් ඇති විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
බංග්ලාදේශ තත්ත්වය පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි දැනුවත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එරට සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්චා කර ඇති බවයි මාධ්‍ය සඳහන් කරස්න්නේ.