Tuesday, November 19, 2024

General line - 0115112241

හෙට ජනතාවට සුබ ආරංචියක් පොහොට්ටුවෙන්




හෙට දිනයේ ජනතාවට සුබ ආරංචියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගේ නම හෙට උදෑසන ප්‍රකාශයට පත් කරන බවයි.

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙලෙසයි.