පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ පස්වරු 04 දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 121ක් ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.
එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව ලැබුණු ඒවා බවයි මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ජාතික මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 80ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කලමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 41ක් ලැබී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.