2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 07ට පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරෙන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ.
මේ වන විට ලැබෙන නවතම වාර්තාවල දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම දැන් අර්බුදයකට පත්ව ඇති බවයි.
ඒ, 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා නිල වශයෙන් දැනුම්දීමත් සමගයි.
මීට පෙර බොහෝ වාර්තාවල දැක්වුණේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වනු ඇති බවටයි.
ඔහුද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවස්ථා කිහිපයකම ප්‍රකාශ කර තිබුණේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගැනීමට සූදානම් බවයි.
එහෙත් ඔහු එකවරම ඊයේ පස්වරුවේ තමන් ජනාධිපති අපේක්ෂකත්වය භාර නොගන්නා බව ප්‍රකාශ කළා.
ඒ, පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්. පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවයි ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් තීරණය කර ඇති පසුබිමක වීම කැපී පෙනෙන සිද්ධියක්.
ඒ සම්බන්ධයෙන් ඔහු පක්ෂ මහලේකම්වරයාට යැවූ ලිපියේද සඳහන් කර තිබෙනවා.
අදාළ ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් මෙන්ම සියලුම නියෝජිතයින් යෝජනා කර තිබූ බවයි.
එවන් පසුබිමක මේ වන විට වාර්තා පළ වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරනු ඇති බවටයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය මෙලෙස අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ පක්ෂයද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති පසුබිමකයි.
පක්ෂයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ පළ කළේ මෙවන් අදහසක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කරනු ඇති බවටද මේ වන විට වාර්තා පළ වනවා.