Monday, November 18, 2024

General line - 0115112241

කමලා හැරිස්ගේ උප ජනාධිපති එළියට




අමෙරිකානු ජනාධිපතිවරණයද මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන කමලා හැරිස්, ඇගේ උප ජනාධිපති ධුරය ලෙස ටිම් වොල්ස් ඊයේ තෝරා ගැනීමත් සමගයි.

ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැළියේදීයි.

මේ අනුව අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කමලා හැරිස් හා ටිම් වොල්ස් සහභාගි වූ පළමු දේශපාලන රැළියද ඊයේ පවත්වා තිබෙනවා.

එහිදී ඔවුන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

60 හැවිරිදි ටිම් වොල්ස්, මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාද වනවා.

ලිබරල් දේශපාලන මතධාරියකු වන ඔහු පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර ඇතැයි සඳහන්.

2019 වසරේ සිට මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහුගේ දේශපාලනය සම්බන්ධයෙන් ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයක්.

නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස්, එරට වත්මන් උප ජනාධිපතිනිය ද වනවා.