Monday, November 18, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නම් කිරීම කල් යයි




2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම තවත් ප්‍රමාද වන බව වාර්තා වනවා.        

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන 07ට පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරෙන බවටයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මීට පෙර නිවේදනය කර තිබුණේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා හදිසියේ වෙනස් වීම හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන 08යි 30 දක්වා කල් දැමූ බවයි.