Monday, November 18, 2024

General line - 0115112241

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්




2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම මීට නොබෝ වේලාවකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

මීට පෙර බොහෝ වාර්තාවල දැක්වුණේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වනු ඇති බවටයි.

ඔහුද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවස්ථා කිහිපයකම ප්‍රකාශ කර තිබුණේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගැනීමට සූදානම් බවයි.

එහෙත් ඔහු එකවරම ඊයේ පස්වරුවේ තමන් ජනාධිපති අපේක්ෂකත්වය භාර නොගන්නා බව ප්‍රකාශ කළා.

ඒ, පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්. පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවයි ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.