Monday, November 18, 2024

General line - 0115112241

බදුර්දීන්  සහය පළ කිරීම තව කල් යයි

නිරෝෂන් කොළඹ 




ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ලබාදීම පිළිබඳව ප්‍රකාශ කිරීම තවදුරටත් කල් 6යන බව එම පක්ෂයේ නායක රිෂාඩ් බදුර් දීන් පවසනවා 

ඔහු මේ බව පවසා සිටියේ වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති  සාකකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .

රිෂාඩ් බදුර් දීන්ගේ ප්‍රධානත්වයෙන් පැය හතරක පමණ  පැවති සාකච්ඡාවෙන් අනතුරුව බදුර්දීන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත  පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන්නේ කාටදැයි ප්‍රකාශ කිරීම ලබන 14 වැනිදාට කල් යන බවයි.

14 වැනිදා  උදෑසන පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කරන බවයි  ඔහු කියා සිටියේ 

 රිෂාඩ් බදුර් දීන් පවසා සිටියේ මෙවැන්නක් 

" නැවතත් රට අරගලයකට යා නොදිය යුතුයි. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රශ්න අපිට තියෙනව ඒවා විසඳීමට හැකි නායකයෙක් විය යුතුයි. දැනට අපි සමගි ජන බලවේගය සමග කටයුතු කරනවා. 14 වැනිදා තීරණය කළ පසු ම අපේක්ෂකයා දිනවීමට ක්‍රියා කරනවා. "