හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශයේ නව නායකයා ලෙස ගාසා තීරයේ ප්‍රධාන නිලධාරියා වන 61 ක් හැවිරිදි යාහ්යා සින්වර් පත් කර තිබෙනවා.
එම ධුරයේ මිට පෙර කටයුතු කළ ඉස්මායිල් හානියේ පසුගිය ජූලි 31 වැනිදා ඉරානයේ ටෙහෙරාන් පාර්ලිමේන්තුවේදී අලුතින් තේරී පත් වූ ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානයට ගොස් සිටියදී ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීම හේතුවෙන්..
හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හානියේගේ ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණ වුණේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨතම අණ දෙන නිලධාරි ෆුවඩ් ෂුක්ර් ඝාතනය කළ බවට ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යාමට පෙරයි.
ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මේ සම්බන්ධයෙන් අමෙරිකාව පවසා ඇත්තේ සාම සාකච්ඡා සඳහා බලධාරීන් පොළඹවීම සිදු කල බවත් මෙම සිද්ධියට තම රටේ සම්බන්ධයක් නොමැති බවයි
ගාසා තීරයේ, බටහිර ඉවුරේ සහ විදේශයන්හි හමාස් සාමාජිකයන් 50 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය විසින් රහස් ඡන්දයකින් එහි නායකයාව තෝරා ගෙන තිබෙන අතර හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ “ඉස්මයිල් හනියාගේ අනුප්‍රාප්තිකයා ලෙසත් අප දේශපාලන අංශ නායකයා ලෙසත් යාහ්යා සින්වාර් තෝරා ගැනීමට තීරණය කළා.” බවයි
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ පසුගිය ඔක්තෝබර් 11 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලබා ගෙන, ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරය මුල්කොට ගනිමිනි.
එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ, 61 ක් හැවිරිදි යහ්යා සින්වාර් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සින්වාර් විසින් මාස 10ක යුද්ධයක් පුරා හමාස්ගේ යුධ පිටියේ උපාය මාර්ගය මෙහෙයවා ඇති බවත් ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන්-සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සාකච්ඡාවලදී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ
සින්වාර් යනු ඊශ්‍රායලයට වඩාත්ම අවශ්‍ය පුද්ගලයා වන අතර ඔහු සැඟවී සිට රහසිගතව සිට ඇත. ඔහු ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ වෙනත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද කණ්ඩායමකට නායකත්වය ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ