Monday, November 18, 2024

General line - 0115112241

රිෂාඩ් බදියුර්දීන්, සහය දීමේ තීන්දුව කල් දමයි

එන් ඒ ඩබ් නිරෝෂන්




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය ලබා දෙන සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දැමීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහය සම්බන්ධයෙන් අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ, ලබන 14 වැනිදාට සිය පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දීයි.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඊයේ තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ, සමගි ජන බලවේගය පක්ෂයෙන් හා ජනාධිපතිවරයාගේ යන පාර්ශව දෙකෙන්ම සිය පක්ෂයේ සහය ඉල්ලා ඇති බවයි. 


සමස්ථ ලංකා මහජන කොංග්‍රසය මේ වන විටත් සමගි ජන බලවේග සන්ධානයේ සාමාජික පක්ෂයක්. 2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේග සන්ධානය එළි දැක්වීම හෙට සිදු කිරීමට නියමිතයි.