නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ඒ, ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ අරගලයට සම්බන්ධ සිසුන් කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදීයි.
බංග්ලාදේශයේ පැවති දරුණු විරෝධතා අවසානයේ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට ධූරය අතහැර රටින් යාමට පවා සිදු වුණා.
ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් හමුදා නායකත්වයෙන් යුත් රජයක් පිළි නොගන්නා දැඩිව ප්‍රකාශ කළ අතර ඔවුන් අන්තර්වාර පරිපාලනයක් සඳහා නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් නායකත්වයට ඉල්ලා සිටියා.
ඔහුද එම ඉල්ලීම පිළිගෙන තිබෙනවා.
මුහම්මද් යුනුස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටින අතර ඔහු කඩිනමින් බංග්ලාදේශය වෙත පැමිණෙනු ඇති.
බංග්ලාදේශයේ සිසු අරගලයෙන් ඉකුත් සඳුදා දිනයේ පමණක් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 100 කට අධිකයි.
සමස්තයක් ලෙස විරෝධතා හමුවේ පුද්ගලයන් 400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතරතුර වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිට හිටපු අගමැති සහ ප්‍රධාන විපක්ෂ නායිකා කලීඩා ෂියා ද ඊයේ නිදහස් කෙරුණා.