එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පාර්ශවය ඉකුත් දා තීරණය කර තිබුණා.
කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එලඹි බවයි ඔහු එහිදී පැවසුවේ.